පාසල් කිහිපයකම සිසුන් අනතුරේ..? හේතුව මෙන්න

By Sithumi Nov 25, 2022 06:12 PM GMT
Report

යාපනය මයිලන්කාඩු ප්‍රදේශයේදී ඉතා රහසිගත අයුරින් පාසල් ළමුන්ට මත් පෙති විකිණීමේ ජාවාරමක නිරත වූ පුද්ගලයින් දෙදෙනෙකු අත්අඩංගුවට ගත් බවට යාපනය පොලිස් විශේෂ කාර්ය බලකාය පවසනවා. 

 යාපනය පොලිස් විශේෂ කාර්ය බලකා කඳවුරේ නිලධාරීන්ට ලැබුනු බුද්ධි තොරතුරකට අනුව එහි නිලධාරීන් පිරිසක් විසින් මයිලන්කාඩු ප්‍රදේශයේ පාසලක් අසල සිදුකරන ලද සෝදිසියකදී අදාල සැකකරුවන් මත්පෙතිද සමගින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. 

 අදාල ජාවාරම් කරුවන් විසින් යාපනයේ ප්‍රසිද්ධ පාසල් කිහිපයකම පාසල් ළමුන් මෙලෙස මත්පෙති පානය සඳහා නැඹුරු කරගනිමින් මත්පෙති විකණීම සිදුකොට ඇති බවටත් කලක සිට මෙම මත්පෙති විකිණීමේ ජාවාරම සිදුකොට ඇති බවටද අනාවරනය කොට ගෙන ඇති අතරඅත්අඩංගුවට ගත් සැකකරුවන් මයිලන්කාඩු ප්‍රදේශයේ පදිංචි අවුරුදු 25 සහ 44 වයස්හි පසුවන අය වන අතර ඔවුන් අත්අඩංගුවට ගෙන වැඩිදුර පරික්ෂණ කටයුතු සඳහා චුන්නාකම් පොලීසිය වෙතට භාරදීම යාපනය පොලිස් විශේෂ කාර්ය බලකාය විසින් පියවර ගෙන තිබේ.