පාසල් සිසුවෙකු ගැන මෙරටින් අහෙන තවත් භයානක කතාවක්.. සිසුවකුගේ අතක් දෙකඩ වූ සිදුවීම..

By Sithumi May 26, 2023 05:29 PM GMT
Report

මාතර, වේරගම්පිට ප්‍රදේශයේ දී පුද්ගලයින් දෙදෙනෙකු විසින් තියුණු අයුධයකින් සිදුකළ පහරදීමකදී පාසල් සිසුවෙකුගේ අතක් ශරීරයෙන් වෙන්වන සේ කැපීගොස් තිබෙනවා. 

 ඊයේ (25) පස්වරුවේ සරුංගලයක් සම්බන්ධයෙන් දෙපාර්ශ්වය අතර ඇතිවූ බහින්බස්වීමක් දුරදිගයාමෙන් පසු මෙම පහරදීම සිදුවී ඇති බව පොලීසිය පවසනවා.

 මාතර වේරගම්පිට ප්‍රදේශයේ පදිංචිව සිටි 16 හැවිරිදි පාසල් සිසුවෙක් මෙලෙස බරපතළ තුවාල ලබා රෝහල්ගත කර තිබෙනවා. සැකකරුවන් විසින් සිසුවාට කඩුවකින් පහරදීමකදි සිසුවාගේ දකුණු අත ශරීරයෙන් වෙන්වී ගොස් ඇති බරපතළ තුවාල ලැබූ පාසල් සිසුවා මාතර මහ රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව වැඩිදුර ප්‍රතිකාර සඳහා කොළඹ ජාතික රෝහලට යොමු කර තිබෙනවා.

අත්අඩංගුවට ගත් සැකකරුවන් දෙදෙනා අද (26) මාතර මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කළ බවද වාර්තා වනවා.