රුසියානු මහජන මිත්‍රත්ව විශ්වවිද්‍යාලයේ ශාඛාවක් ලංකාවට
රුසියානු මහජන මිත්‍රත්ව විශ්වවිද්‍යාලයේ ශාඛාවක් ශ්‍රී ලංකාවේ පිහිටුවීමට අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා යෝජනා කර තිබෙනවා.
ප්‍රවාහන හා මහාමාර්ග අමාත්‍යංශය නිකුත් කල නිවේදනයේ දැක්වෙන්නේ රුසියාවේ නිල සංචාරයක නිරත වන අමාත්‍යවරයා මහජන මිත්‍රත්ව විශ්වවිද්‍යාලයේ නිරීක්ෂණයකට එක්වෙමින් මෙලෙස යෝජනා කර ඇති බවයි.
රුසියාවේ මහජන මිත්‍රත්ව විශ්වවිද්‍යාලය ශ්‍රී ලංකාව සමග අධ්‍යාපන ක්ෂේත්‍රය තුළ දීර්ඝ හා ශක්තිමත් සබඳතා පවත්වන බවත් වසර 60කට වැඩි ඉතිහාසයක් තුළ ශ්‍රී ලංකාවෙන් ඉහළම සුදුසුකම් ලැබූ සිසුන් 1000කට වැඩි පිරිසකට අධ්‍යාපනය ලබා දී ඇති බවත් මහජන මිත්‍රත්ව විශ්ව විද්‍යාලයේ මහාචාර්ය ඔලෙග් යස්ට්‍රොබෝව් මහතා ප්‍රකාශ කර තිබෙනවා.
ප්‍රවාහන හා මහාමාර්ග අමාත්‍යංශය වැඩිදුරටත් සඳහන් කරන්නේ මහජන මිත්‍රත්ව විශ්වවිද්‍යාලයේ ශාඛාවක් ශ්‍රී ලංකාවේ විවෘත කිරීමේ හැකියාව පිළිබඳව කටයුතු කිරීමට මෙම සාකච්ඡාවේදී දෙපාර්ශවයම එකඟ වී ඇති ඇති බවයි