තනි රෝදයෙන් මහපාරේ සෙල්ලම් දැමු තරුණයන් පිරිසකට සිදුවූ දේ..
CID - Sri Lanka Police
Sri Lanka Police
By Sithumi
තනි රෝදයෙන් සහ අධික වේගයෙන් අනාරක්ෂිත අයුරින් යතුරුපැදි පදවමින් සිටි තරුණයන් සිව්දෙනකු අද (01) පස්වරුවේ අත්අඩංගුවට ගත් බව පිළියන්දල පොලීසිය පැවසුවා.
එම තරුණයන් සිව්දෙනා පදවමින් සිටි යතුරුපැදි ද පොලිස් භාරයට ගෙන ඇති අතර පිළියන්දල, බෝකුන්දර, මැද්දෝවිට පාර ප්‍රදේශයේ තරුණයන් පිරිසක් තනි රෝදයෙන් සහ අධික වේගයෙන් යතුරුපැදි පදවමින් අනාරක්ෂිත අයුරින් හැසිරෙන බවට 119 හදිසි ඇමතුම් ඒකකය හරහා ලද තොරතුරක් අනුව එම ස්ථානය වටලා සැකකරුවන් පිරිසක් අත්අඩංගුවට ගත් බව පොලීසිය ප්‍රකාශ කළා.
එම ස්ථානය වටලන අවස්ථාවේදී තවත් තරුණයන් පිරිසක් යතුරුපැදිවලින් පළාගොස් තිබණා.
අත්අඩංගුවට ගත් තරුණයන් මහරගම පිළියන්දල ආදී ප්‍රදේශවල පදිංචි වයස අවුරුදු 18 - 20ත් අතර පසුවන අතර සැකකාර තරුණයන් කැස්බෑව මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතයි.