ප්‍රධාන ගංගා කිහිපයක ජල මට්ටම් ඉහළට
By Sithumi
පවතින වැසි සහිත කාලගුණ තත්ත්වය හේතුවෙන් ප්‍රධාන ගංගා කිහිපයක ජල මට්ටම් ඉහළ ගොස් ඇති බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව පවසනවා.
අත්තනගළු, කැලණි, කළු, ගිං, නිල්වලා සහ බෙන්තර යන ගංගාවල ජල මට්ටම් මෙලෙස ඉහළ ගොස් ඇති බවයි වාරිමාර්ග අධ්‍යක්ෂ ජලවිද්‍යා හා ආපදා කළමණකරණ ඉංජිනේරු S.P.C සුගීෂ්වර මහතා පැවසුවේ. ඒ අනුව එම ගංගා ආශ්‍රිත පහත බිම්වල සිටින ජනතාවට විමසිල්ලෙන් පසුවන ලෙස වාරිමාර්ග දෙපාර්තමේන්තුව ජනතාවට දැනුම්දෙනවා.
කෙසේවෙතත් වාරිමාර්ග අධ්‍යක්ෂ ජලවිද්‍යා හා ආපදා කළමණකරණ ඉංජිනේරු S.P.C සුගීෂ්වර මහතා සඳහන් කළේ ඉදිරි පැය 24 තුළ එම ගංගාවල ජල මට්ටම් ගංවතුර තත්ත්වයක් දක්වා ඉහළ යාමක් සිදු නොවන බවයි.