දුම්රිය ස්ථාන ආශ්‍රිතව පාපැදි ව්‍යාපෘතියක්

By Sithumi Apr 25, 2023 12:34 PM GMT
Report

සංචාරක ව්‍යාපාරය වෙනුවෙන් දුම්රිය ස්ථාන ආශ්‍රිතව නව පාපැදි ව්‍යාපෘතියක් ආරම්භ කිරීමට නියමිතව තිබෙනවා.

එම ව්‍යාපෘතියක් ආරම්භ කිරීමට යෝජනා වී  ඇත්තේ සංචාරක ව්‍යාපාරය දියුණු කිරීමේ අරමුණින්.

ජාතික ප්‍රවාහන කොමිසම මගින් ඉදිරිපත් කළ ගැටලුවලට විසඳුම් ලබාදීම සඳහා බලශක්තිය සහ ප්‍රවාහනය පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාව අද (25) පාර්ලිමේන්තුවේදී රැස්වූ අවස්ථාවේදී එම යෝජනාව ඉදිරිපත් වී තිබෙනවා.

අනුරාධපුර දුම්රිය ස්ථානයෙන් මෙය නියමු ව්‍යාපෘතියක් ලෙස ආරම්භ කිරීමට පියවර ගන්නා ලෙස ප්‍රවාහන ලේකම්වරයාට කමිටු සභාපතිවරයා උපදෙස් දුන්නා.