සිංහල අකුරු” සහ “දෙමළ අකුරු” ජනපතිට.. දුන්නෙ ඇයි

Ranil Wickremesinghe
By Sithumi Feb 21, 2023 06:26 PM GMT
Report

රාජ්‍ය භාෂා දෙපාර්තමේන්තුව සම්පාදනය කළ “සිංහල අකුරු” සහ “දෙමළ අකුරු” ග්‍රන්ථ ද්විත්වය ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වෙත පිළිගැන්වීම අද (21) පෙරවරුවේ පාර්ලිමේන්තු පරිශ්‍රයේ දී සිදු වුණා.

අද එනම් පෙබරවාරි 21 වනදාට යෙදෙන ජාත්‍යන්තර මාතෘ භාෂා දිනය නිමිත්තෙන්, මෙම ග්‍රන්ථ පිළිගැන්වීම අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා විසින් සිදු කර තිබෙනවා.

කතානායකවරයාට මෙන්ම පාර්ලිමේන්තුවේ සියලු මන්ත්‍රීවරුන් වෙත ද මෙම ග්‍රන්ථ ලබාදීමට කටයුතු සලස්වා ඇති බවයි වාර්තා වන්නේ.