ශ්‍රී ලංකා තැපැල් ජන්ද 36 දාහක් ප්‍රතික්ෂේප වුනේ ඇයි..?
පළාත් පාලන ආයතන ඡන්ද විමසීම සඳහා මහා භාණ්ඩාගාරයෙන් රුපියල් මිලියන 100 ක් මේ වනවිට ලබාදී ඇති බව මැතිවරණ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත්නායක මහතා පවසනවා.
පළාත් පාලන ආයතන ඡන්ද විමසීමට අදාළ තැපැල් ඡන්ද සලකුණු කිරීම නියමිත පරිදි මේ මස 22, 23, 24 යන දිනවලදි සිදුකළ හැකි බවයි අද (11) මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඒ මහතා වැඩිදුරටත් ප්‍රකාශ කළේ.
"පළාත් පාලන ඡන්ද විමසීම සඳහා මේ වනවිට තැපැල් ඡන්ද නිකුත් කිරීමේ දිනය පෙබරවාරි 10 කියලා සඳහන් කරලා තියෙනවා. ඒ වගේම තැපැල් ඡන්ද සලකුණු කිරීම 22, 23, 24 යන දිනවල දී තම සේවා ස්ථානයේ දී ඡන්දය සලකුණු කිරීමේ හැකියාව තිබෙනවා.
යම් දෙයකින් මෙම දින තුනේදී තමන්ගේ ඡන්දය සලකුණු කර ගැනීමට නොහැකි වුණොත් ඔහුට පුළුවන් 28 වනදා තමන්ගේ ආයතනය පිහිටි දිස්ත්‍රික්කයේ තේරීම්භාර නිලධාරියා ඉදිරියේ තමන්ගේ තැපැල් ඡන්දය සලකුණු කරන්න. ඒ වගේම තමයි පෙබරවාරි 19 වනදායින් පසුවත් ශ්‍රී ලංකා තැපැත් දෙපාර්තමේන්තුව නිල ඡන්ද දැන්වීම්පත් නිවෙස් වෙත බෙදීමට අවශ්‍ය කටයුතු සිදුකරනවා
."
ප්‍රශ්නය - අපට දැනගන්න ලැබුණා 36,000කට ආසන්න ප්‍රමාණයක් තැපැල් ඡන්ද අවලංගු වෙලා තියෙනවා කියලා ?
සමන් ශ්‍රී රත්නායක මහතා - "ඔව්. තැපැල් ඡන්ද අයදුම්පත් සංඛ්‍යාවෙන 36,000ක් ප්‍රතික්ෂේප වෙලා තියෙනවා."
ප්‍රශ්නය - මැතිවරණය සඳහා මහා භාණ්ඩාගාරයෙන් රුපියල් මිලියන 100ක් ලැබිලා තියෙනවා කියලා ආරංචි වුණා ?
සමන් ශ්‍රී රත්නායක මහතා - "ඔව්. ඒ මුදල් අපිට ලැබිලා තියෙනවා."