පොලිස් ඇමති හදිසි හමුවක.. හේතුව මෙන්න
Kelly Shint Mondy මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් මහතා පසුගිය දා විශ්වවිද්‍යාල කිහිපයක උපකුලපතිවරුන් ඇතුළු ඉහළ ආචාර්යවරුන් හමුව තිබෙනවා.
මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් මහතා කොළඹ විශ්වවිද්‍යාලයේ, ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ සහ කැලණිය විශ්වවිද්‍යාලයේ උපකුලපතිවරුන් ඇතුළු මහාචාර්යවරුන් පිරිසක් එහිදී හමු වී ඇති අතර එහිදී විශ්වවිද්‍යාලවල සිසුන් මුහුණපාන ගැටලු සම්බන්ධව දීර්ඝ වශයෙන් සාකච්ඡා කර තිබෙනවා.
විශ්වවිද්‍යාල සිසුන්ගේ නේවාසිකාරවල ආරක්ෂාව, ගත හැකි ආරක්ෂක ක්‍රියාමාර්ග, සරසවි ආශ්‍රීතව පවතින අයිස් වැනි මත්ද්‍රව්‍ය ව්‍යාප්තිය ආදි ගැටලු පිළිබඳව එහිදී වැඩි අවධානයක් යොමු වූ බව වාර්තා වනවා.
ඒ අනුව එම ගැටලු නිරාකරණය සඳහා ගත හැකි පියවර සම්බන්ධයෙන් කඩිනම් ක්‍රියාමාර්ග ගන්නා ලෙස ටිරාන් අලස් අමාත්‍යවරයා පොලිස්පතිවරයාට නියෝග කර තිබෙනවා.