කාර්යාල අඩස්සියේ සිටි කොළඹ ජාතික රෝහලේ නියෝජ්‍ය අධ්‍යක්ෂවරයා පොලිසිය මුදාගනී

CID - Sri Lanka Police Sri Lanka Police
By Sithumi Jan 19, 2023 06:25 PM GMT
Report

  කාර්යාල අඩස්සියට පත් වූ කොළඹ ජාතික රෝහලේ නියෝජ්‍ය අධ්‍යක්ෂ වෛද්‍ය රුක්ෂාන් බෙල්ලන පොලිස් නිලධාරීන් විසින් මුදාගෙන තිබෙනවා. 

 සෞඛ්‍ය කාර්ය මණ්ඩලය රෝහල් ඇතැම් සෞඛ්‍ය කාර්ය සහායකයින් කාර්යාල වේලාවන් වලදී මත්ද්‍රව්‍ය භාවිත කරන වීඩියෝවක් නියෝජ්‍ය අධ්‍යක්ෂවරයා විසින් නිකුත් කර තිබුණා.  

ඊට එරෙහිව අදාළ සෞඛ්‍ය කාර්ය සහායකයින් රෝහල ඉදිරිපිටදී විරෝධතාවයක් පැවැත්වීමෙන් අනතුරුව ඔවුන් වෛද්‍ය රුක්ෂාන් බෙල්ලනගේ කාර්යාලයට ගොස් ඔහු කාර්යාල අඩස්සියට ගනු ලැබුවා. 

   ඉන් අනතුරුව එහි පැමිණි පොලිස් නිලධාරීන් කොළඹ ජාතික රෝහලේ නියෝජ්‍ය අධ්‍යක්ෂවරයා මුදා ගැනීමට කටයුතු කළේ අදාළ සෞඛ්‍ය කාර්යය සහායකයින්ට සෞඛ්‍ය අමාත්‍යංශයෙන් සාකච්ඡාවක් ලබා දීමෙන් අනතුරුව අතර වෛද්‍ය රුක්ෂාන් බෙල්ලන සෞඛ්‍ය කාර්ය සහායකයින් සම්බන්ධයෙන් කළ ක්‍රියාව පිළිබඳ රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ ලේකම් වෛද්‍ය මෙලෙස අදහස් පළ කළා.