පාර්ලිමේන්තුව කඩිනමින් කැදවන්න... ඉල්ලීමක්..

Parliament of Sri Lanka Sri Lanka Politician
By Sithumi Feb 16, 2023 12:44 PM GMT
Report

පාර්ලිමේන්තුව කඩිනමින් කැඳවීමට පියවර ගන්නා ලෙස නිදහස් ජනතා සන්ධානය අග්‍රාමාත්‍යවරයාගෙන් හා කථානායකවරයාගෙන් ඉල්ලීමක් කර තිබෙනවා. එම සන්ධානය අදාළ ලිපියෙන් ඉල්ලා ඇත්තේ පළාත් පාලන ඡන්ද විමසීම පැවැත්වීම පිළිබඳව මතුවී ඇති ගැටලුකාරී තත්ත්වය සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා පාර්ලිමේන්තුව වහාම කැඳවන ලෙසයි.

පළාත් පාලන මැතිවරණය සඳහා තැපැල් ඡන්ද පත්‍රිකා නිකුත් කිරීම දින නියමයක් නොමැතිව කල්දැමීම සඳහා ගෙන ඇති තීරණය ප්‍රජාතන්ත්‍රවාදයට බරපතළ තර්ජනයක් බව නිදහස් ජනතා සංධානය පෙන්වා දෙනවා.

මෙම තත්ත්වය සමනය කිරීම මෙන්ම කළමනාකරණය කිරීම රජයේ ප්‍රතිපත්ති සම්පාදකයින් හා උත්තරීතර ව්‍යවස්ථාදායකයේ නියොජිතයින් ලෙස පැවරී ඇති වගකීමක් වන බැවින් ස්ථාවර නියෝග 16 යටතේ පාර්ලිමේන්තුව කැඳවීමට කටයුතු කරන ලෙස එම සන්ධානය අග්‍රාමාත්‍යවරයාගෙන් සහ කථානායකවරයාගෙන් ඉල්ලා තිබෙනවා.