කතානායක පනත් දෙකකට අත්සන් තබයි..

Parliament of Sri Lanka Mahinda Yapa Abeywardena Sri Lanka
By Sithumi Jan 27, 2023 12:10 PM GMT
Report

මැතිවරණ වියදම් නියාමනය කිරීමේ පනත් කෙටුම්පතට කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා අත්සන් තබා තිබෙනවා.  

එම පනත් කෙටුම්පත පසුගියදා පාර්ලිමේන්තුවේදී විවාදයට ගැනුණු අතර, ඉන් පසුව පැවති ඡන්ද විමසීමේ දී සංශෝධන සහිතව සම්මත වුණු අතර පසුගියදා පාර්ලිමේන්තුවේ දී සම්මත වූ පුනරුත්ථාපන කාර්යාංශය පනත් කෙටුම්පතට ද කථානායකවරයා අත්සන් තබා ඇති බවයි සදහන් වන්නේ.  

මේ අනුව මෙම පනත් කෙටුම්පත්, 2023 අංක 2 දරන පුනරුත්ථාපන කාර්යාංශය පනත සහ 2023 අංක 3 දරන  මැතිවරණ වියදම් නියාමනය කිරීමේ පනත ලෙස බලාත්මක වනවා.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join Now