ජංගම දුරකථන සොරකමේ ඇත්ත නැත්ත එළියට එයි..
කටුනායක ගුවන්තොටුපොළ සඳහන් කරන්නේ, ගුවන්තොටුපොළේදී ගුවන් මගියෙකුගේ ජංගම දුරකථනයක් සොරකම් කිරීමේ සිද්ධියට අදාළව සිදුකළ CCTV දර්ශන පරික්ෂා කිරීමේදී එවැනි සොරකමක් පිළිබඳ සාක්ෂි සටහන් වී නොමැති බවයි.
අද පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් සීමාසහිත ගුවන්තොටුපොළ සහ ගුවන් සේවා සමාගමේ සභාපති , විශ්‍රාමික මේජර් ජනරාල් ජී.ඒ.චන්ද්‍රසිරි මහතා මේ බව සදහන් කර සිටියා. එනම් දුරකථනය නැති වූවා යැයි කි ගුවන් මගියාගේ ජංගම දුරකථනය මෙරටට පැමිණීමට පෙර මැද පෙරදිග රටක ගුවන් තොටුපළ ආරක්ෂක නිලධාරීන්ගේ භාරයට ගෙන ඇති බව එම රටට සම්බන්ධ ගුවන් සේවාව විසින් ලිඛිතව දැනුම් දී ඇත.
සිද්ධිය සම්බන්ධයෙන් කටුනායක ගුවන්තොටුපොළ පොලීසිය විශේෂ විමර්ශනයක් ආරම්භ කර ඇති අතර, එය අවසන් වූ වහාම එහිදී එළඹ ඇති නිගමන පදනම් කරගෙන අධිකරණමය ක්‍රියාමාර්ග සඳහා පිවිසීමට කටයුතු කරන බව ද සභාපතිවරයා වැඩිදුරටත් සදහන් කළේය.