නිර්වින්දන ඖෂධයක් භාවිතය තාවකාලිකව ඉවත් කෙරේ

By Sithumi Apr 08, 2023 04:49 PM GMT
Report

මෙරට සැත්කම් සඳහා යොදා ගැනෙන නිර්වින්දන ඖෂධයක් වහාම ක්‍රියාත්මක වනපරිදි භාවිතයෙන් තාවකාලිකව ඉවත් කිරීමට වෛද්‍ය සැපයුම් අංශය පියවර ගෙන තිබෙනවා.

එම නිර්වින්දන ඖෂධය ඉන්දීය ණය ආධාර යටතේ ඉන්දීය ඖෂධ සමාගමකින් මෙරටට ගෙනවා බෙදා හැර ඇති බව සඳහන් වනවා.

ඒ අනුව එහි කාණ්ඩ 3ක් මෙලෙස තාවකාලිකව භාවිතයෙන් ඉවත් කර ඇති බව වාර්තා වනවා. 

  ඉන්දීය ණය ආධාර යටතේ මෙරටට ගෙන්වූ ඖෂධ මෙරට තුළ තත්ත්ව පරීක්ෂාවකට ලක් කීරීමකට හැකියාවක් නොමැති බැවින් එම ඖෂධය සම්බන්ධයෙන් ලබාදී ඇති සහතිකය සහ වෙනත් රටවල භාවිතය පිළිබද සලකාබලා මෙරට තුළද භාවිතයට ගෙන ඇති බව සඳහන් වන්නේ.