ඉදිරියේදී ඖෂධ සහ පාරිභෝගික භාණ්ඩවල මිල තවදුරටත් පහළට

By Sithumi Mar 11, 2023 02:17 PM GMT
Report

ඩොලරයට සාපේක්ෂව රුපියල ශක්තිමත් වීමත් සමග ඖෂධ, ආහාර ද්‍රව්‍ය, පාරිභෝගික භාණ්ඩ ඇතුළු ආනයන භාණ්ඩ හා සේවාවල මිල ගණන් ඉදිරියේදී තවදුරටත් ක්‍රමයෙන් පහළ යනු ඇති බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා ප්‍රකාශ කළා.

ආනයන සීමා ලිහිල් කිරීම සිදුකරන්නේ නම් එය ගැඹුරින් සොයාබලා කළමනාකරණයකින් යුතුව සිදු කළ යුතු බවයි දෙහිඕවිට ප්‍රදේශයේ පැවති වැඩසටහනකින් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් රාජ්‍ය අමාත්‍යවරයා පැවසුවේ.

එමෙන්ම අපනයනය සඳහා රුපියල ශක්තිමත් වීම තුළින් යම් බලපෑමක් එල්ල කළද එය තාවකාලික තත්ත්වයක් බව ද රාජ්‍ය අමාත්‍යවරයා මෙහිදී පැවසුවා.