ව්‍යාජ දළදා මාළිගයක් සොයමින් මර්වින් සිල්වා කරපු වැඩේ.

Kandy Sri Lanka
By Sithumi Jan 07, 2023 06:03 PM GMT
Report

කුරුණෑගල, පොතුහැර අහුගොඩ ප්‍රදේශයේ ඉදිකර ඇති ව්‍යාජ දළදා මාළිගාවේ පත්තිරිප්පුව හෙට (08) දිනයේදී ගලවා ඉවත් කිරීමට එහි නිර්මාතෘ ජානක සේනාධිපති මහතා අද (07) එකඟත්වය පළ කළා. 

  ජානක සේනාධිපති නමැති පුද්ගලයෙක් කුරුණෑගල පොතුහැර අහුගොඩ ප්‍රදේශයේ ව්‍යාජ දළදා මාළිගාවක් ඉදිකරමින් සිටින බව පවසමින් මල්වතු සහ අස්ගිරි මහානායක හිමිවරු මෙන්ම මහනුවර ශ්‍රී දළදා මාළිගාවේ දියවඩන නිලමේ ප්‍රදීප් නිලංග දෑල මහතා ද ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වෙත පසුගියදා ලිපියක් යොමු කර තිබුණා.  

ඒ සම්බන්ධයෙන් කරුණු සොයා බැලීමට හිටපු අමාත්‍ය මර්වින් සිල්වා මහතා අද එම ස්ථායට ගොස් තිබුණේ එවැනි පසුබිමකයි.