ඉන්දියාවේ නව කොවිඩ් ප්‍රභේදයේ රෝගීන් ඝ්‍රීග්‍රයෙන් ඉහළට

By Sithumi Apr 14, 2023 02:56 PM GMT
Report

ඉන්දියාවේ ඝ්‍රීග්‍ර ලෙස ව්‍යාප්ත වන නව (XBB.1.16) කොවිඩ් ප්‍රභේදය හේතුවෙන් ආසාදිතයින් වාර්තා වීම ඉහළ ගොස් ඇති බව එරට සෞඛ්‍ය අංශ පවසනවා.  

ඒ අනුව ඉන්දියාවෙන් අද (14) නව කොවිඩ් රෝගීන් 11,109 ක් වාර්තා වී ඇති අතර දින 236 තුළ වාර්තා වූ ඉහළම ආසාදිතයින් සංඛ්‍යාව මෙය බව සඳහන් මේ වන විට ප්‍රතිකාර ලබන ආසාදිතයින් 49,622 ඉක්මවා තිබෙනවා

අඛණ්ඩව සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රමවේද අනුගමනය කරමින් බූස්ටර් එන්නත් මාත්‍රාව ලබා ගන්නා ලෙසයි රෝගීන් සංඛ්‍යාව ඝ්‍රීග්‍රයෙන් වැඩිවීම හේතුවෙන් එරට වෛද්‍ය විශේෂඥයින් ජනතාවට දැනුම් දෙන්නේ.