මෙරට ඉතිහාසය අධ්‍යයනය කිරීමට නව ආයතනයක්

By Sithumi Apr 28, 2023 06:32 PM GMT
Report

ශ්‍රී ලංකාවේ ඉතිහාසය අධ්‍යයනය කිරීම සඳහා නව ආයතනයක් කඩිනමින් ස්ථාපිත කරන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසුවා.

ජනාධිපතිවරයා සඳහන් කළේ ජාතික කෞතුකාගාරය, ලේඛනාරක්ෂක දෙපාර්තමේන්තුව, පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව මෙන්ම සංස්කෘතික ත්‍රිකෝණය, විශ්වවිද්‍යාල සහ රාජකීය ආසියාතික සංගමය සම්බන්ධ කරගනිමින් එම ආයතනය ස්ථාපිත කරන බවත් අදාළ නීති කෙටුම්පත කඩිනමින් අවසන් කිරීමට පියවර ගන්නා බවත්‍ ය. ,

මහවැලි කේන්ද්‍රයේදී ඊයේ (27) පැවැති රාජකීය ආසියාතික සංගමයේ 178 වන සැමරුමට එක්වෙමින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මෙම අදහස් පළ ‍කළා.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වෙත රාජකීය ආසියාතික සංගමයේ ප්‍රකාශන කිහිපයක මුල් කෘති පිරිනැමීම ද මෙහිදී සිදු කෙරුණා.