ආරක්ෂාවට පොලු තියා ගන්නවා. අපේ අම්මා වළලු මාල කරේ අතේ පුරවගෙනනේ ඉන්නේ (PHOTOS)

By Sithumi Dec 26, 2022 01:40 PM GMT
Report

කේ සුජීවා කියන්නේ ඉඟිමරන තරු රෑන කෝ කියන ගීතය හරහා එළිමහන් ප්‍රසංග වේදිකාව තුල අතිශයින් ජනප්‍රිය ට පත් වෙච්චි දක්ෂ ගායිකාවක්. එනිසාම ඇගේ ආදරණීය දියණියන් දෙදෙනාත් ඇයගේ දක්ෂතාවය සහ අවවාද අනුශාසනා මැද මේ වෙද්දි සංගීත ලෝකය තුළ තමන්ගේම කියලා ගමන් මඟක් ආරම්භ කරලා අවසන්. 

  ඉතින් දියණියන් දෙදෙනා අතරින් ඇයගේ වැඩිමහල් දියණිය තමයි අන්ජලී රාජ්කුමාර් කියන්නේ. ඇය දිගටම ශ්‍රී ලංකාවේ හිටපු කෙනෙක් නෙවෙයි.අංජලී වැඩිදුර අධ්‍යාපන කටයුතු සඳහා ඉන්දියාව බලා පිටත් වෙනවා.ඊට පස්සේ නැවත වතාවක් ඇය ලංකාවට ආවහම තමයි කේ සුජීවගෙ ආදරණීය දියණිය විදිහට ඇය ප්‍රසිද්ධ වුණේ.ඒ අතීතය පිළිබඳව අන්ජලී කිව්වේ මේ වගේ කතාවක්

. “අද අපට කටයුතු ඉවරවෙලා මම ලංකාවට ආවේ 2017 අවුරුද්දේ.ඒත් එක්කම තමයි මම ගෙදර mash-up එක කළේ.ඒක කළ නිකන් ජොලියට වගේ කිසිම කොලිටියට නෙමෙයි කලේ.හැබැයි ඒක ජනප්‍රිය වුණා ඒත් එක්කම දැනගත්තා මේ අන්ජලී කියන්නේ k සුජීවගෙ දුව කියලා.ඊට පස්සේ ඉතින් කොලිටි එකක් ඇතුව මෑෂප් එකක් කරා. ඒකටත් ජනතාව ආදරය කලා කළා ඊට පස්සේ කරන්න හිටියට බැරි වුණා එන අවුරුද්දෙවත් එකක් කරන්න ඕනේ”

 ඉතින් ඒ විදියට අදහස් දක්වන අන්ජලී මේ දවස්වල තමන්ගෙම කියලා ව්‍යාපාරයක් පටන් අරන්. එත් ගොඩක් දෙනෙක් කරන්නැති ආකාරයේ බිස්නස් එකක්.ඇය පරණ වාහන මිලදී අරගෙන ඒවා අලුත් කරලා මොඩිෆයි කරලා නැවත වතාවක් විකුනනවා.මේ ව්‍යාපාරයට මේ වෙද්දි විශාල වශයෙන් ඉල්ලුක් තියෙනවා කියලත් ඇය සඳහන් කළා.  

ඒ වගේම තමයි අන්ජලී නංගී සහ අම්මා ගෙදර ජීවත් වෙන්නේ මේ වෙද්දි තනියම.පිරිමි කෙනෙක් මේ ගෙදර නැහැ. ඒ නිසාම තමන්ගේ ආරක්ෂාව තමන් බලාගන්න තත්වෙට ඔවුන් පත්වෙලා.ඒ නිසා තමන්ගෙ ආරක්ෂාව වෙනුවෙන් මොන වගේ දේවල්ද කරන්නේ කියලා අහපුවාම අංජලී කිව්වේ මේ වගේ කතාවක්.

අපි වාහනේ යකඩ පොලු තියාගෙන ඉන්නේ. ගෙදර දොර මුල්ලේ යකඩ පොලු තියෙනවා.ලොකුවට බයක් දැනිලා නැහැ. නමුත් ප්‍රශ්නයක් වුණොත් කියන්න බැහැ.ඒ නිසා ආරක්ෂාවට පොලු තියා ගන්නවා.අපේ අම්මා වළලු මාල කරේ අතේ පුරවගෙන ඉන්නේ”

GalleryGalleryGalleryGalleryGalleryGalleryGallery