නිදන් හැරූ හිමිනමක් ඇතුළු 07ක් දැලේ

Sri Lanka
By Sithumi Feb 20, 2023 05:55 PM GMT
Report

අනුරාධපුර ගලෙන්බිදුණුවැව කරුවලගස්වැව ප්‍රදේශයේ නිවසක් පිටුපස නිදන් ගැනීමේ අරමුණින් කැනීමක් සිදු කරමින් සිටි හිමිනමක් ඇතුළු 7 දෙනෙකු පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

පොලිසිය එම වැටලීම සිදු කර තිබුණේ ලද තොරතුරකට අනුවයි පොලිසිය ප්‍රකාශ කළේ.

එම පිරිස අදාළ ඉඩමට පැමිණි සුඛෝපභෝගී ජීප් රථයක් සහ නිදන් හැරීමට භාවිතා කළ උපකරණ තොගයක් ද සිය භාරයට ගත් බවයි.