කඳු නගින්න ගොස් අතරමං වූ තරුණ තරුණියන් පිරිසක් බේරා ගැනේ

By Sithumi Feb 19, 2023 06:35 PM GMT
Report

අධික වර්ෂාව සහ මීදුම හේතුවෙන් අතරමං වූ නකල්ස් රක්ෂිතයට අයත් ගැරඬිගල කන්ද තරණය කිරීමට ගිය තරුණ තරුණියන් පිරිසක් වන සංරක්ෂණ නිලධාරීන්, පොලිස් නිලධාරීන් සහ යුද හමුදාව එක්ව බේරාගෙන තිබෙනවා.

එම කණ්ඩායමේ 31 දෙනෙකු සිටි බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කළේ. නිරුපද්‍රිතව මෙම පිරිස බේරාගෙන ඇති අතර ඔවුන් මහනුවර, හෝමාගම, කොළඹ සහ ගාල්ල යන ප්‍රදේශවල පදිංචිකරුවන්.