මවක් සහ දරු දෙදෙනාට දිවි අහිමි කළ ගින්න ගැන පුළුල් පරීක්ෂණ

Sri Lanka Police Sri Lanka
By Sithumi Jan 27, 2023 02:54 PM GMT
Report

අනුරාධපුර ඇලයාපත්තුව ප්‍රදේශයේ නිවසක හටගත් ගින්නට හේතුව මෙතෙක් අනාවරණ වී නොමැති බව පොලීසිය පවසනවා. අනුරාධපුර - මහමාන්කඩවල ඇලයාපත්තුව ප්‍රදේශයේ නිවසක ඊයේ (26) රාත්‍රි 11.30 ට පමණ ඇතිවූ ගින්නකින් පිළිස්සී මවක් සහ ඇයගේ දරුදෙදෙනා ජීවිතක්ෂයට පත්වුණා.

 ගින්නෙන් තුවාල ලැබූ පියා අනුරාධපුර ශික්ෂණ රෝහලට ඇතුළත් කර මේ වනවිට ප්‍රතිකාර ලබමින් පසුවෙන අතර මෙම ගින්න හටගෙන ඇත්තේ මව, සහ දරුවන් දෙදෙනා නිදා සිටි කාමරය තුළයි. ගින්න ඇතිවන අවස්ථාවේ පියා නිදා සිට ඇත්තේ වෙනත් කාමරයක බැවින් වහා කලබල වූ ඔහු සිය බිරිඳ සහ දරුවන් බේරාගැනීම සඳහා කාමරයට එන විටත් ගින්න සම්පූර්ණයෙන්ම කාමරේ පැතිරී ගොස් අවසන් බව වාර්තා වනවා. 

 ගින්නෙන් 33 හැවිරිදි මවට, 10 හැවිරිදි දියණියට සහ 05 හැවිරිදි පුංචි පුතුට දිවි අහිමි වුණු අතරඔවුන්ගේ සිරුරු හඳුනාගැනීමට පවා නොහැකි තරමට පිළිස්සී තිබූ බව පැවසෙයි.  

බිරිඳ සහ දරුවන් බේරාගැනීමට උත්සාහ කිරීමේදී බරපතළ පිළිස්සුම් තුවාල ලැබූ පියා මේ වනවිටත් අනුරාධපුර ශික්ෂණ රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටින්නේ සිය දරු පවුලේ වියෝව පිළිබඳ කඳුළු සලමින්. අනුරාධපුර වැඩබලන මහෙස්ත්‍රාත් චන්දන වීරකෝන් මහතා අද (27) දහවල් පැමිණ සිද්ධිය සම්බන්ධයෙන් මහෙස්ත්‍රාත් පරීක්ෂණය සිදුකර තිබෙනවා.  

ගින්න ඇතිවන අවස්ථාවේ කාමරයේ පෙට්‍රල් බෝතලයක් තිබුණු බවයි ගින්නට හේතුව මෙතෙක් අනාවරණ වී නොමැති නමුත් පියා පොලීසියට පවසා ඇත්තේ එමෙන්ම මෙම නිවසට විදුලිය සපයාගෙන ඇත්තේ අසල නිවසකින් බව පොලිස් පරීක්ෂණවලදී අනාවරණය වී තිබෙනවා. කෙසේවෙතත්, ගින්නට හේතුව අනාවරණ කළ හැක්කේ රස පරීක්ෂක වාර්තාව ලැබුණු පසුව බව ඇලයාපත්තුව පොලීසිය පැවසුවා.