ලංවිම ප්‍රතිව්‍යුහගත කරන පියවරේ තවත් කොටසකට කැබිනට් අනුමැතිය

By Sithumi Apr 18, 2023 11:28 AM GMT
Report

 ලංකා විදුලිබල මණ්ඩලයේ ප්‍රතිව්‍යුහගත කිරීමේ ක්‍රියාවලියේ යෝජිත මාර්ග සිතියමට සහ කාලසටහන සඳහා අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබෙනවා. 

 විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා කියා සිටියේ එසේම නව විදුලිබල පනතේ අවසන් කෙටුම්පත ද මැයි මස අවසන් වන විට අනුමැතිය සඳහා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිත බවයි. 

  මෙලෙස අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව ඇත්තේ ප්‍රතිව්‍යුහගත කිරීමේ කටයුතු සඳහා කාර්යාලයක් පිහිටුවීම, ක්‍රියාවලිය සඳහා ආසියානු සංවර්ධන බැංකුව, ලෝක බැංකුව, USAID සහ JICA වැනි සංවර්ධන ආයතනවල සහාය ලබා ගැනීම ඇතුලු කරුණු කිහිපයක් සඳහායි.