දේශීය බිත්තර මිල අඩු කිරීමේ තීරණය හෙට

By Sithumi Apr 16, 2023 05:53 PM GMT
Report

බිත්තර මිල පහළ දැමීම පිළිබඳ හෙට (17) දිනයේ ප්‍රකාශයට පත් කරන බව බිත්තර නිෂ්පාදකයින්ගේ සංගමයේ සභාපති ආර්.එම්. සරත් රත්නායක මහතා පවසනවා.

ඒ අනුව ඔහු කියා සිටියේ වෙළඳපොළෙ දේශීය බිත්තර මිල අඩු කිරීම සම්බන්ධයෙන් බිත්තර නිෂ්පාදකයින්ගේ සංගමය සමඟ සාකච්ඡා සිදුකරන බවයි.

පසුගිය කාලය තුළ රට තුළ පැවති බිත්තර හිඟය පියවීම සඳහා මව් සතුන් ආනයනය කළ අතර, එම සතුන් මේ වන විට බිත්තර දැමීමේ ක්‍රියාවලිය ආරම්භ කර තිබෙනවා.

ඔහු කියා සිටියේ ඒ හේතුවෙන් වෙළඳපොළ ප්‍රමාණවත් බිත්තර තොග මේ වන විට ලැබෙමින් පවතින බවයි