දේශීය බිත්තර මිල අඩු කරන්න පුළුවන් - කුකුළු ව්‍යාපාරිකයින්

Sri Lanka
By Sithumi Apr 07, 2023 06:33 PM GMT
Report

ඉන්දියාවෙන් ආනයනය කරන ලද ලක්ෂ 10ක් වූ දෙවන බිත්තර තොගය හෙට (08) නිදහස් කිරීමට හැකි බව රාජ්‍ය වාණිජ විවිධ නීතිගත සංස්ථාව පවසනවා.

එම බිත්තර සාම්පල පරීක්ෂණ වාර්තා සත්ත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය දෙපාර්තමේන්තුව හෙට දිනයේ ලබාදීමට නියමිතව ඇති බවයි එහි සභාපති ආසිරි වලිසුන්දර මහතා පැවසුවේ.

එවන් පසුබිමක ඉදිරියේදී බිත්තර මිල අඩු කිරීමට හැකිවනු ඇති බව සමස්ත ලංකා කුකුළු ව්‍යාපාරිකයින්ගේ සංගමය පවසනවා. සමස්ත ලංකා කුකුළු ව්‍යාපාරිකයින්ගේ සංගමයේ සභාපති අජිත් ගුණසේකර මහතා

"සත්ත්ව ආහාර සඳහා අය කරන වැට් එක අයින් කළොත් බිත්තරයකින් රුපියල් 6ක් අඩු කරන්න පුළුවන්. එහෙම වුණොත් බිත්තර ආනයනය කිරීම කරන්න ඕනේ නැහැ. මොකද දේශීය බිත්තර රුපියල් 06කින් අඩු වෙනවා."