කොළඹ තිබුනත් ගමේ නැති බිත්තර..

By Sithumi Apr 22, 2023 11:37 AM GMT
Report

පසුගිය දිනෙක ඉන්දියාවෙන් මෙරටට ආනයනය කළ බිත්තර තොගයක සාම්පල අද (22) දින ලබාගැනීමට නියමිත බව රාජ්‍ය වාණිජ විවිධ නීතිගත සංස්ථාව පවසනවා.

දිවයිනට රැගෙනආ බිත්තර මිලියනයක තොගයේ සාම්පල පරික්ෂා කිරීම සඳහා මේ වන විට සත්ත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය දෙපාර්තමේන්තුව වෙත ලබාදී තිබෙනවා.

එම බිත්තර තොගය ලබන 24 වනදා නිදහස් කිරීමට හැකිවන බවයි රාජ්‍ය වාණිජ විවිධ නීතිගත සංස්ථාවේ සභාපති ආසිරි වලිසුන්දර මහතා පැවසුවේ. කොළඹ දිස්ත්‍රික්කයේ බේකරි කර්මාන්තකරුවන් සඳහා පමණක් මේ වන විට බිත්තර බෙදාහැරිම සිදුවනවා.

ආනයනික බිත්තර සෙසු දිස්ත්‍රික්ක සඳහා ද බෙදාහැරීමට සත්ත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය දෙපාර්තමේන්තුව මේ වනතෙක් අවසර ලබා දී නොමැති බව ආසිරි වලිසුන්දර මහතා ප්‍රකාශ කරනවා.

මේ වන විට ඉන්දියාවෙන් බිත්තර මිලියන 5කට අධික ප්‍රමාණයක් මෙරටට ආනයනය කර ඇති අතර තවත් බිත්තර මිලියන 02ක් ලබන සතියේ දිවයිනට රැගෙන ඒමට නියමිතව තිබෙනවා.