අධ්‍යාපන අමාත්‍යාංශය විශේෂ නිවේදනයක්..

Ministry of Education Education
By Sithumi Feb 23, 2023 03:04 PM GMT
Report

අධ්‍යාපන අමාත්‍යාංශය පරිශ්‍රයේ අද (23) පස්වරුවේ සිදුවූ උණුසුම් තත්ත්වය පිළිබඳ එම අමාත්‍යාංශය නිවේදනයක් නිකුත් කර තිබෙනවා.

බෞද්ධ හා පාලි විශ්වවිද්‍යාලයේ භික්ෂුන් වහන්සේලා හා අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍යබල මණ්ඩලයේ කැඳවුම්කරු වසන්ත මුදලිගේ ඇතුළු පිරිසක් කිසිදු පූර්ව දැනුම්දීමකින් තොරව අධ්‍යාපන අමාත්‍යාංශ පරිශ්‍රයට බලහත්කාරයෙන් ඇතුළුවූ බවයි එහි දැක්වෙන්නේ.

භික්ෂු විශ්වවිද්‍යාලයේ පාලක සභාව 27 වන සඳුදා සිට අදියරයන් යටතේ විශ්වවිද්‍යාලය ආරම්භ කිරීමට පියවර ගන්නා බව මීට පෙර දැනුම්දී තිබූ බවත් එම නිවේදනයේ දැක්වෙනවා.

මෙරට ලක්ෂ 42ක් වන දරුවන්ගේ සාමාන්‍ය අධ්‍යාපනය පිළිබඳව කටයුතු කරන අධ්‍යාපන අමාත්‍යාංශය පරිශ්‍රයට එසේ බලහත්කාරයෙන් ඇතුළුවී කලබලකාරී ලෙස හැසිරීම නිසා පොලීසිය විසින් නීත්‍යානුකූලව ක්‍රියාකර ඇති බවද ඉන් පෙන්වා දෙනවා.