ලංකාව දැඩි අනතුරක.. භූකම්පනයෙන් බේරෙන හැටි ලාංකිකයන්ට දැනුම් දෙයි..

Colombo Sri Lanka Earthquake
By Sithumi Feb 25, 2023 06:12 PM GMT
Report

ඉන්දියාවේ හිමාල ප්‍රදේශයට රික්ටර් මාපාංක ඒකක 8 ඉක්මවූ භූමිකම්පාවක් ඇති වූවොත් එය කොළඹට මෙන්ම යාපනයට ද ප්‍රබල ලෙස දැනිය හැකි බව මහාචාර්ය අතුල සේනාරත්න මහතා සඳහන් කළා.

දැනට වසර 2කට පමණ පෙර හිමාලයේ සිදු වූ භූමිකම්පාවක් කොළඹට ඉතා තදින් දැනුනු බවත් එහි ප‍්‍රබලත්වය රික්ටර් මාපාංක ඒකක පහක් බවද ඒ මහතා පැවසුවා.

නමුත් රික්ටර් මාපාංක ඒකක අටක් එමෙන් සිය ගුණයක් ප්‍රබලත්වයක් යුතු බවත් හානිය ද එතරම්ම ප්‍රබල බවත් හෙතෙම පෙන්වා දෙයි. මෑතකදී තුර්කිය හා සිරියාව අසල භූමිකම්පා සිදු වූ රේඛාවට හිමාලයද අදාළ විය හැකි බවද පැවසූ ඔහු එනිසා එම කම්පනයන් අතර යම් සම්බන්ධයක් තිබය හැකි බවද කියා සිටී.

යම් අවස්ථාවක භූමිකම්පාවක් දැනුනහොත් ගොඩනැගිලි තුලට වී සිටීම අනතුරුදායක බවත් වහා ඉවතට පැමිණ තැනිතලා භූමියක රැදී සිටින ලෙසත් වඩාත්ම ආරක්ෂිත වන්නේ තැනිතලා භූමියක් බව ද ඒ මහතා තව දුරටත් කියා සිටියා