වැඩබලන ජනපති එලවන්න කරන්න යන විශේෂ වැඩේ..

By Sithumi Jul 17, 2022 06:38 PM GMT
Report

වැඩබලන ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට ධුරයෙන් ඉවත් වන්නැයි බල කරමින් ඉදිරි දින දෙක තුල බරපතළ ක්‍රියාමාර්ග ගන්නා බව අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලය සඳහන් කරයි.

19 වන දින විරෝධතා දිනයක් බවට ප්‍රකාශයට පත් කරන බවද එහි කැඳවුම්කරු වසන්ත මුදලිගේ මහතා පැවසීය. අද දිනයේ සිට තමනට ආසන්න නගරවල පැමිණ විරෝධතා පවත්වන්නැයි ජනතාවගෙන් ඉල්ලන බව ද හෙතෙම සඳහන් කළේ ය.

හිටපු ජනාධිපතිවරයාද ධුරයෙන් ඉවත් කළ හැකි වූයේ රටම විරෝධතා භූමියක් බවට පත් වීම නිසා බවද ඔහු සිහිපත් කරයි. වැඩ බලන ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඉවත් කිරීම සඳහා වෘත්තීය සමිති සහ බහුජන සංවිධාන දැවැන්ත ක්‍රියාමාර්ග ගන්නා බවත් මෙම අරගලයද ජයග්‍රහණයෙන් අවසන් කිරීමට හැකි බවත් ඔහු තවදුරටත් පැවසීය


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න පුවත් whatsApp,වෙත පිවිසෙන්න 
Join now