හෙට සිට ඩෙංගු මර්ධන සතියක්..

By Sithumi Apr 25, 2023 04:36 PM GMT
Report

හෙට (26) සිට මැයි 2වැනිදා දක්වා බස්නාහිර පළාත තුළ විශේෂ ඩෙංගු මර්දන වැඩසටහනක් ක්‍රියාත්මක කිරීමට තීරණය කර තිබෙනවා.

ඒ අනුව, මෙම වැඩසටහන ක්‍රියාත්මක කිරීමටයි තීරණය කර ඇත්තේ ඩෙංගු වැඩි අවදානමක් සහිත සියලු සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාස කේන්ද්‍ර කරගෙනයි.

ජනතාව දැනුවත් කිරීම, නිවාස සහ පරිශ්‍ර පරීක්ෂා කිරීම, ඇතුලු කටයුතු මෙන්ම මදුරුවන් බෝවන ස්ථාන පවත්වාගෙන යන පාර්ශවයන්වලට නීතිමය පියවර ගැනීමද මෙහිදී සිදුවනවා.