තවත් අභිරහස් මරණයක් හමුවේ..

By Sithumi Mar 11, 2023 04:26 PM GMT
Report

කැපුම් තුවාල සහිතව ඊයේ (10) සොයාගත් මළ සිරුරේ අනන්‍යතාව තහවුරු කරගෙන තිබෙනවා.

රුවන්වැල්ල - නිට්ටඹුව මාර්ගයේ කොට්ටන්ගස්හන්දිය ප්‍රදේශයේ මාර්ගයක් අසල තිබීයදීයු මෙම සිරුර හමුව ඇත්තේ. මෙම පුද්ගලයා 63 හැවිරිදි ගොඩකවෙල ප්‍රදේශයේ පදිංචි යකැදුරෙකු බව පොලීසිය පැවසුවා.

ඔහුගේ බිරිඳ හා දරුවන් පැමිණ සිරුර හඳුනාගෙන ඇති අතර ඝාතනයට හේතුව හෝ ඝාතනය කළ පුද්ගලයන් පිළිබඳව මෙතෙක් අනාවරණ වී නොමැත