මූල්‍ය වංචාවක් කර මෙරට සැඟව සිටි චීන ජාතිකයින් පිරිසක් අත්අඩංගුවට

Sri Lanka Politician Sri Lanka
By Sithumi Apr 01, 2023 01:18 PM GMT
Report

මිලියන 30ක මුදලක් වංචාකර මෙරටට පළාවිත් සැඟව සිටි චීන ජාතිකයන් 28දෙනකු සංචාරක හෝටලයක දී අත්අඩංගුවට ගෙන තිබෙනවා.

 අලුත්ගම පොලීසිය පවසන්නේ එම සැකකරුවන් අතර චීන ජාතික කාන්තාවන් 5දෙනකු ද සිටින බවයි.

  ඔවුන් සන්තකයේ තිබී ලැප්ටොප් සහ වටිනා ජංගම දුරකථන ද පොලිස් භාරයට ගෙන ඇති අතර මාස දෙකක පමණ කාලයකදී චීනයේ දී අන්තර්ජාලය ඔස්සේ එම මුදල් වංචාව සිදුකර ඇති බවත් ජාත්‍යන්තර පොලීසිය කළ දැනුම්දීමක් අනුව සැකකරුවන් පිරිස අත්අඩංගුවට ගෙන ඇති බවත් සඳහන් වනවා.

චීන තානාපති කාර්යාලයෙන් භාෂා පරිවර්තකයෙකු කැඳවා සැකකරුවන්ගෙන් සහ සැකකාරියන්ගෙන් දීර්ඝ ලෙස ප්‍රශ්න කිරීමට නියමිත බව අලුත්ගම පොලීසිය පවසනවා.


සිව්දෙසින් ගලා එන සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න... 
Join Now