ශ්‍රී ලංකාව ගැන අමෙරිකාව සහ චීනය අතර සාකච්ඡාවක් පැවැත්වූයේ ඇයි..?

By Sithumi Feb 24, 2023 04:26 PM GMT
Report

ඉන්දියාවේ බැංගලෝර් හිදී පැවැත්වෙන G20 රටවල්වල මුදල් අමාත්‍යවරුන්ගේ රැස්වීමට සමගාමීව අමෙරිකාව සහ චීනය අතර නියෝජිත මට්ටමේ සාකච්ඡාවක් අද පැවැත්වීමට නියමිත වනවා.

විදෙස් මාධ්‍ය පැවසුවේ එහිදී ණය අර්බුදය සහ අනෙකුත් කරුණු සම්බන්ධයෙන් අදහස් හුවමාරු කරගැනීමට නියමිත බවයි.

   අඩු ආදායම්ලාභී සහ ශ්‍රී ලංකාව ඇතුළු මධ්‍ය ආදායම්ලාභී රටවල් සඳහා ණය සහන ලබාදීමට චීනය අනුගමනය කරන පසුගාමී ප්‍රතිපත්තිය අමෙරිකාව විසින් දිගින් දිගටම විවේචනය කරන බවයි විදෙස් මාධ්‍ය තවදුරටත් පැවසුවේ.