බෝනස් නැහැ – උත්සව අත්තිකාරම් පමණයි – ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව
Fuel Price In Sri Lanka
Fuel Price In World
By Sithumi
මෙවර සිංහල හා හින්දු නව වසර වෙනුවෙන් කිසිදු සේවකයෙකුට බෝනස් ලබාදී නොමැති බව ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව පවසනවා.
ලිඛිත ඉල්ලීමක් කර ඇති වැටුප් රහිත නිවාඩු ලබා නොගත් සේවකයින්ට පමණක් උත්සව අත්තිකාරම් ණය මුදලක් ලබා දෙන බවයි නිවේදනයක් නිකුත් කරමින් එම සංස්ථාව සඳහන් කළේ.
එම නිවේදනයේ වැඩිදුරටත් දැක්වෙන්නේ ඒ අනුව රුපියල් 30,000ක අත්තිකාරම් ණය මුදලක් ලබා දෙන අතර මාස 10ක් තුළදී ණය මුදල හා පොළිය මාසික වැටුපෙන් අය කරගන්නා බවයි.