සුළු පරිමාණ ව්‍යාපාරිකයින්ට රජයෙන් දුන් සහනය
By Sithumi
සුළු පරිමාණ ව්‍යාපාරිකයින් සඳහා මාර්ග දෙපස සිට ඔවුන්ගේ නිෂ්පාදන අලෙවි කිරීමට අවසර හිමිවන බව ප්‍රවාහන, මහා මාර්ග හා ජනමාධ්‍ය අමාත්‍යංශය පවසනවා.
ඒ අනුව එළඹෙන උත්සව සමයේදී ගෘහාශ්‍රිතව සහ සුළු පරිමාණයෙන් නිෂ්පාදන සිදුකරන ව්‍යවසායකයින්ට සිය නිෂ්පාදන කිසිදු ගාස්තුවකින් තොරව මෙලෙස මාර්ග දෙපස සිට අලෙවි කිරීමට අවසර හිමිවනවා.
උත්සවය සමයේ තාවකාලික දින පදනමක් මත අදාළ අවසරය ලබාදෙන අතර අද සිට අප්‍රේල් 12 වනදා දක්වා වන කාලය තුළ මාර්ග ආශ්‍රිතව වෙන්කර දෙන ස්ථානවල අදාළ ප්‍රදේශයේ ප්‍රාදේශීය ලේකම්වරයාගේ අනුමැතිය සහ අධීක්ෂණය මත සිය නිෂ්පාදන අලෙවි කර ගැනීමට නිෂ්පාදකයින්ට අවස්ථාව හිමිවනවා.