ආසන්නම රටේ බස් රථයක් පෙරළී සිදුවූ 12ක් මිය ගිය සිදුවීම..

By Sithumi Apr 15, 2023 01:12 PM GMT
Report

ඉන්දියාවේ බස් රථයක් ප්‍රපාතයකට පෙරළීමෙන් සිදුවූ අනතුරකින් මඟීන් 12 දෙනෙකු මිය ගොස් තිබෙනවා.

එම අනතුරෙන් තවත් මඟීන් 27 දෙනෙකු තුවාල ලබා ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළා.

මෙලෙස අනතුරට ලක්වී තිබුණේ මුම්බායි - පූනේ මාර්ගයේ ගමන් කරමින් තිබූ බස් රථයක් වන අතර අද අලුයම් කාලයේදී මෙම අනතුර සිදුවී ඇති බවයි ඉන්දීය මාධ්‍ය වාර්තා කරන්නේ.

සංස්කෘතික සංගීත කණ්ඩායමක සාමාජිකයින් පිරිසකුයි එම බස් රථයේ ගමන් කරමින් සිට ඇත්තේ.  

තුවාල ලැබූ සහ මිය ගිය පිරිස වයස අවුරුදු 18ත් 25ත් අතර වයසේ පසුවන පුද්ගලයින් බව ඉන්දීය මාධ්‍ය වාර්තා කළා.