බස් රථ අනතුරෙන් දෙදෙනෙකුට දිවි අහිමි වෙයි..

By Sithumi Feb 19, 2023 06:06 PM GMT
Report

නෝටන්බ්‍රිජ් ප්‍රදේශයේදී බස් රථයක් ප්‍රපාතයකට පෙරළීමෙන් සිදුවූ අනතුරින් කාන්තාවන් දෙදෙනෙකු මියගොස් තවත් 26දෙනෙකු තුවාල ලබා රෝහල් ගත කර තිබෙනවා.

ශ්‍රී පාද වන්දනාවේ ගොස් ආපසු පැමිණෙමින් තිබූ බස් රථය නොටන්බ්‍රිජ් පොලිස් වසමේදී අඩි 100ක පමණ ප්‍රපාතයකට පෙරළීමෙන් එම අනතුර සිදුව තිබුණා.