පොලී අනුපාත ගැන බැංකුවෙන් කළ පැහැදිලි කිරීම.

Central Bank of Sri Lanka Sri Lanka
By Sithumi Jan 24, 2023 11:38 AM GMT
Report

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල (IMF) මගින් අරමුදල් පහසුකම (Extended Fund Facility) ලැබීම හරහා පොලී අනුපාත නැවත වරක් ලිහිල් කළ හැකි බව ශ්‍රී ලංකා මහ බැංකුව පවසනවා. ඒ හරහා වෙළෙඳපොළ පුළුල් වීම සඳහා නැවතත් අවස්ථාව හිමිවනු ඇති බවයි එහි නිලධාරීන් පවසන්නේ. ,

 පොලී අනුපාත වැඩි කිරීම තුළ වෙළෙඳපොළ හැකිලීමේ අහිතකර බලපෑම් පිළිබඳව රජයේ මුදල් පිළිබඳ කාරක සභාව මහ බැංකු නිලධාරීන් සමග ඊයේ (23) පැවති සාකච්ඡාවකදී මහ බැංකුවේ නිලධාරීන් මේ බව සඳහන් කළා. ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ කොන්දේසිවලට අනුගතවීම සඳහා සිදුකළ යුතු සමාජ ප්‍රතිසංස්කරණ සහ ඒවායේ බලපෑම පිළිබඳව මෙම කාරක සභාවේදී වැඩි වශයෙන් සාකච්ඡා වී තිබුණා.

  සමාජයේ අඩු ආදායම්ලාභී ප්‍රජාවන්ට සිදුවන සමාජ බලපෑම පිළිබඳව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල නිරතුරුව සැලකිල්ලෙන් පසුවන බවත් එම බලපෑම් අවම කිරීම සඳහා රජයේ වියදම් හැකිතාක් සීමා කිරීම වැනි ඇතැම් ආරක්ෂණ ක්‍රම අනුගමනය කර ඇති බවත් මහ බැංකුවේ නිලධාරීනී මෙහිදී කමිටුව හමුවේ පෙන්වා දුන්නා.  

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විසින් ප්‍රකාශයට පත් කරන ලද සහ මහ බැංකුව විසින් ක්‍රියාත්මක කරනු ලබන ප්‍රතිසංස්කරණ වෙනුවෙන් අපක්ෂපාතිව පෙනී සිටිමින් සිය උපරිම සහය ලබාදීම, රජයේ මුදල් පිළිබද කාරක සභාවේ අරමුණ බවද එම කාරක සභා සභාපති ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා එහිදී පවසා සිටි අතර මෙම කාරක සභා රැස්වීමට සහභාගී වූ මහ බැංකු නිලධාරීන් පෙන්වා දුන්නේ 2023 පළමු කාර්තුව තුළ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විසින් සිය පළමු වාරිකය ලබා දෙනු ඇති බවට අපේක්ෂා කරන බවයි.  

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ කොන්දේසිවලට අනුගතවීම සඳහා සිදුකළ යුතු සමාජ ප්‍රතිසංස්කරණ සහ ඒවායේ බලපෑම පිළිබදව ද මෙහිදී කමිටුවේ අවධානය යොමුවුණා. 
සමාජයේ අඩු ආදායම්ලාභී ප්‍රජාවන්ට සිදුවන සමාජ බලපෑම පිළිබඳව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල නිරතුරුව සැලකිල්ලෙන් පසුවන බවත් එම බලපෑම් අවම කිරීම සඳහා රජයේ වියදම් හැකිතාක් සීමා කිරීම වැනි ඇතැම් ආරක්ෂණ ක්‍රම අනුගමනය කර ඇති බවත් මහ බැංකුවේ නිලධාරීන් එහිදී පෙන්වා දී තිබෙනවා.  

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සඳහා පවතින විකල්ප අවස්ථා පිළිබද කාරක සභාව විමසා සිටි අවස්ථාවේ නිලධාරීන් පෙන්වා දුන්නේ,  ජාත්‍යන්තර මූල්‍ය අරමුදල මේ සඳහා පළමුව මැදිහත්වීමෙන් තොරව, වෙනත් කිසිදු ජාත්‍යන්තර මූල්‍ය අරමුදල් ආයතනයක් ශ්‍රී ලංකාව සමග ණය කළමනාකරණය සම්බන්ධයෙන් හවුල්වීමට අකමැති බවයි. 


ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ වැඩසටහන සමගින් ණය කළමනාකරණය ඇතුළු අනාගත ව්‍යාපාර අවස්ථා සඳහා නැවත වරක් මෙරට සමග හවුල්වීමට ජාත්‍යන්තරයට විශ්වසනීයත්වයක් ඇතිවන බවද ඔවුන් පවසනවා. මේ නිසා ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සහය මේ අවස්ථාවේ අත්‍යවශ්‍ය බව මහ බැංකු නිලධාරීන් පෙන්වා දෙයි.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join Now