ඕස්ට්‍රේලියානු සංචාරය ගැන පංච පුද්ගල කමිටු වාර්ථාව නීතිපති හමුවට.

By Sithumi Jan 16, 2023 11:12 AM GMT
Report

ඔස්ට්‍රේලියාවේදී පැවති විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියට සහභාගී වූ ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමට එල්ලවූ විවිධ චෝදනාවන් සම්බන්ධයෙන් සොයාබැලූ පංච පුද්ගල කමිටුවේ වාර්තාව අද (16) නීතිපතිවරයා වෙත යොමුකර තිබෙනවා.

   "බෝන් අගේන්" නම් ආගමික කණ්ඩායමකින් ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමට එල්ල වන බලපෑම සම්බන්ධයෙන් මතුවූ ගැටලු පිළිබඳව ද මෙම වාර්තාවේ තොරතුරු ඇතුළත් වෙන බව ක්‍රීඩා අමාත්‍යංශය පැවසුවා.

ඒ සම්බන්ධයෙන් ඉදිරි පියවර ගැනීම සඳහා අවශ්‍ය නිර්දේශ ලබාගැනීමට ක්‍රීඩා හා යෞවන කටයුතු අමාත්‍යවරයාගේ උපදෙස් මත අමාත්‍යාංශ ලේකම්වරයා විසින් එම වාර්තාව නීතිපතිවරයා වෙත ඉදිරිපත් කර ඇති අතර නීතිපතිවරයාගෙන් ලැබෙන උපදෙස් හා නිර්දේශ මත ඉදිරි පියවර ගැනීමට ක්‍රීඩා අමාත්‍යාංශය බලාපොරොත්තු වන බව සදහන්.