විදෙස්ගත වීමට බලාපොරොත්තු වන අයට සුබ පණිවිඩයක්

SriLankan Airlines Sri Lanka Airport Air Racing
By Sithumi Mar 17, 2023 03:30 PM GMT
Report

 ගුවන් ප්‍රවේශ පත්‍ර මිල ගණන් 20% කින් පමණ අඩු කර ඇති බව වරාය, නාවික හා ගුවන් සේවා අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා පවසනවා.

අමාත්‍යවරයා පවසන්නේ අමෙරිකානු ඩොලරයේ මිල අඩු වීමට සමානුපාතිකව ගුවන් ප්‍රවේශ පත්‍ර මිල ගණන් අඩු කරන ලෙස මෙරට ගුවන් සේවා සමාගම්වල නියෝජිතයින්ගෙන් සිදු කළ ඉල්ලීමකට අනුව එම මිල අඩු කිරීම සිදු කර ඇති බවයි.

ඉදිරියේ දී ගුවන් ප්‍රවේශ පත්‍ර ගාස්තු මිල ගණන් තවදුරටත් අඩු කිරීමට එම සමාගම් පොරොන්දු වී ඇති බව සිරිපාල ද සිල්වා අමාතවරයා සඳහන් කළා.

මෙරට ක්‍රියාත්මක වන ගුවන් සේවා සමාගම්වල නියෝජිතයින් සමග පැවති සාකච්ඡාවක දී අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා මෙම අදහස් පල කර තිබෙනවා. රටේ වත්මන් ආර්ථික තත්ත්වය ක්‍රමයෙන් අඩු වීමත් සමග සංචාරකයින් විශාල පිරිසක් මෙරටට පැමිණීමේ ප්‍රවණතාවයක් දක්නට ලැබෙන බවයි එම සකච්ඡාවේ දී අනාවරණය වී ඇත්තේ.

ඒ අනුව ගුවන් සේවා 7 ක් පමණ මෙරටට පැමිණීමට නියමිත අතර භුමි මෙහෙයුම්වල යම් ප්‍රමාදයන් හේතුවෙන් කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළේ යම් මගී තදබදයක් පවතින බව ද අදාළ සාකච්ඡාවට සහභාගී වූ ගුවන් සේවා සමාගම්වල නියෝජිතයින් පෙන්වා දී තිබෙනවා.

භූමි මෙහෙයුම් කටයුතු ශ්‍රී ලංකා ගුවන් සමාගමෙන් ශ්‍රී ලංකා ගුවන්තොටුපළ සමාගම වෙත පැවරීමට තීරණය කර ඇති බවයි ඊට ප්‍රතිචාර දක්වමින් අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා ප්‍රකාශ කර ඇත්තේ.