නියමුවාට නින්ද ගිහින් වෙන්නට ගිය මහා අනතුර...

By Sithumi Aug 20, 2022 06:33 PM GMT
Report

ගුවන් නියමුවන් දෙදෙනාටම නින්ද යාම නිසා සිදුවන්නට ගිය අනතුරක් පිළිබඳව ඉතියෝපියාවෙන් වාර්තා වෙනවා. එරට මගී ගුවන් යානයක් ඉහළ අහසේ පියාසර කරමින් තිබියදී මෙලෙස ගුවන් නියමුවන් දෙදෙනාටම නින්ද ගොස් ඇති අතර එම නිසා ඔවුන්ට ගුවන්තොටුපොළ මඟ හැරී ගොස් තිබෙනවා.

‘බෝයිං 737’ වර්ගයේ මෙම ගුවන් යානය, සුඩානයේ කර්ටෝම් නුවර සිට ඉතියෝපියාවේ අඩිස් අබාබා නුවර බලා පැමිණ ඇති අතර යානය ස්වයංක්‍රීය නියමු පද්ධතිය මගින් පියාසර කර තිබෙනවා.

ගුවන්තොටුපොළ සහ ගුවන්පථය මඟ හැරී, නියමුවන් අවදි වී ඇත්තේ ගුවන් පාලන අධිකාරියේ නිලධාරීන් දිගින් දිගටම ඔවුන් ඇමතූ බැවින් වන අතර මිනිත්තු 25 කින් පමණ පසුව ඔවුන් යානය ගොඩ බස්සවා තිබෙනවා.