නොමැකෙන මතකයක් ඉතිරිකරමින් විශ්‍රාම ගිය ගුවන් නියමුවා

By Sithumi Mar 31, 2023 12:53 PM GMT
Report

ශ්‍රී ලංකන් ගුවන්සේවයේ ජ්‍යෙෂ්ඨ ගුවන් නියමු උත්පල කුමාරසිංහ මහතා ඉතිහාසගතවන මතකයක් ඉතිරිකරමින් සිය සහෘද සේවකයින්ගේ හරසර මැදින් ගුවන් නියමුවෙකු ලෙස වසර 40ක සිය සේවය අද (31) නිම කළා.

ඔහුගේ සිය සේවය අවසන් කළේ ශ්‍රී ලංකන් ගුවන් සේවයේ UL-138 දරණ යානයෙන් ඉන්දියාවේ මදුරාසියේ සිට මෙරටට පැමිණෙමින් මෙම ඓතිහාසික අවස්ථාවේදී එම යානයේ සහාය නියමුවා ලෙස ඔහුගේ පුත් ගුවන් නියමු රහල් කුමාරසිංහ මහතා එක්ව සිටීම තවත් විශේෂත්වක් වන අතර ඒ මහතාගේ සේවා සමුගැනීම වෙනුවෙන් උපහාර උළෙලක් කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළේ දී සංවිධානය කර තිබූ අතර එහිදී එම යානයට චාරිත්‍රානුකූල ගුවන් ජල ආචාරයක් ද සිදුකළා.

උත්පල කුමාරසිංහ මහතා 1979 වසරේ දී සහකාර ගුවන් මෙහෙයුම් නිලධාරියෙකු ලෙස ගුවන්සේවයට එක් ව ඇති අතර 1982 වර්ෂයේදී පුහුණු ගුවන් නියමුවරයෙක් ලෙස සේවය ආරම්භ කර තිබෙනවා. පසුව 1993 වසරේ දී ගුවන් නියමුවරයෙක් ලෙස ගුවන් සේවයට එක්ව ඇති අතර ඒ අනුව ඒ මහතා අද සිය විශ්‍රාම දිවියට පා තබන්නේ ශ්‍රීලංකන් ගුවන් සේවයේ ජ්‍යෙෂ්ඨතම ගුවන් නියමුවරයා ලෙස රාජකාරී කරමින් සිටියදී.