යතුරු පැදි අනතුරකින් තරුණයකු මිය ගිය අවාසනාවන්ත සිදුවීම..

Sri Lanka
By Sithumi Feb 10, 2023 05:44 PM GMT
Report

හොරණ ප්‍රදේශයේ සිදු වූ යතුරු පැදි අනතුරකින් පුද්ගයෙක් මිය ගොස් තවත් පුද්ගලයෙක් තුවාල ලබා තිබෙනවා.

අද (10) අළුයම වගවත්ත දෙස සිට අරුණගම දෙසට ධාවනය වූ යතුරු පැදියක් වේගය පාලනය කර ගත නොහැකි වීමෙන් එය මාර්ගයෙන් ඉවතට ගොස් මෙම අනතුර සිදුව ඇති බවයි සඳහන් වන්නේ. 

පොලිසිය පැවසුවේ අනතුරෙන් තුවාල ලැබූ යතුරුපැදිකරු සහ පසුපැදිකරු හොරණ මූලික රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව යතුරුපැදිකරු මිය ගොස් ඇති බවයි. 

මෙලෙස මිය ගොස් ඇත්තේ 21 හැවිරිදි ඇල්පිටියල කුඩාගල ප්‍රදේශයේ පදිංචිකරුවෙක් බව වැඩිදුරටත් සඳහන්.