ශ්‍රී ලංකාවේ දුම් රිය වර්ජනයක්..

By Sithumi May 09, 2023 01:04 PM GMT
Report

අද (09) මධ්‍යම රාත්‍රී 12සිට ක්‍රියාත්මක වන පරිදි වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයක නිරතවීමට දුම්රිය ස්ථානාධිපතිවරුන්ගේ සංගමය සැලසුම් කර තිබෙනවා.

විනය චෝදනා එල්ලවී සිටින පුද්ගලයෙකුට නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී වාණිජ තනතුර පිරිනැමීමට විරෝධය පළකරමින් මෙලෙස වර්ජනයක් ක්‍රියාත්මක කිරීමට තීරණයකළ බවයි දුම්රිය ස්ථානාධිපතිවරුන් සඳහන් කළේ.

අද මධ්‍යම රාත්‍රී 12 සිට පැය 24ක සංකේත වර්ජනයක් ක්‍රියාත්මක කරන බව සඳහන් කරන දුම්රිය ස්ථානාධිපතිවරුන් වහාම එම තීරණය හකුලාගන්නා ලෙසද බලධාරීන්ගෙන් ඉල්ලීමක් කළා.