ශ්‍රී පාද වන්දනා වාරය ගැන ඇසෙන පුවත

By Sithumi May 06, 2023 03:22 PM GMT
Report

ශ්‍රී පාද වන්දනා වාරය වෙසක් පොහෝ දින (05) මධ්‍යම රාත්‍රියෙන් අවසන් කෙරුණු බව ශ්‍රී පාදස්ථානාධිපති පූජ්‍ය බෙන්ගමුවේ ශ්‍රී ධම්මදින්න නාහිමියන් පවසනවා.

  ඒ අනුව සිරිපා මළුවේ තැන්පත් කර තිබූ සධාතුක කරඬුව සහ සමන් දේව ප්‍රතිමාව මෙන්ම දේවාභරණ පැල්මඩුල්ල ගල්පොත්තාවල රජමහා විහාරස්ථානය වෙත වැඩමවීම අද (06) සිදු කෙරුණා.

  එමෙන්ම ශ්‍රී පාදස්ථානාධිපති හිමියන් සඳහන් කළේ ශ්‍රී පාද අවාරයේ දී ශ්‍රී පාදස්ථානය කරුණා නොකරන ලෙසත්, එසේ ශ්‍රී පාදය කරුණා කරන්නේ නම් අදාළ අංශ වෙතින් අවසර ලබා ගත යුතු බවයි.