දිස්ත්‍රික්ක තුනකට නායයෑම් අනතුරු ඇගවීම්

Sri Lanka Climate Change Weather
By Sithumi Apr 29, 2023 12:51 PM GMT
Report

පවතින වැසි සහිත කාලගුණ තත්ත්වය හේතුවෙන් ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය විසින් දිස්ත්‍රික්ක තුනකට නායයෑම් පූර්ව අනතුරු ඇඟවීම් නිකුත් කර තිබෙනවා.

  ඒ අනුව බදුල්ල දිස්ත්‍රික්කයේ හල්දුම්මුල්ල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට සහ මහනුවර දිස්ත්‍රික්කයේ උඩපළාත යන ප්‍රදේශවලට එම අනතුර ඇඟවීම් නිකුත් කර ඇති බව සඳහන් වන්නේ එමෙන්ම කෑගල්ල දිස්ත්‍රික්කයේ, කෑගල්ල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට අදාළ අනතුරු ඇගවීමේ නිවේදනය වලංගු වනවා.  

ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය එම ප්‍රදේශවල ජනතාවගෙන් ඉල්ලා සිටින්නේ පවතින අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් නායයාමේ පූර්ව ලක්ෂණ සම්බන්ධයෙන් විමසිලිමත්ව කටයුතු කරන ලෙසයි.


සිව්දෙසින් ගලා එන සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න...  
Join Now