ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයෙකු අභිරහස් ලෙස මියයයි..

By Sithumi Apr 29, 2023 11:45 AM GMT
Report

 කටාන ප්‍රාදේශීය සභාවේ හිටපු උප සභාපතිවරයාව අභිරහස් ලෙස ඝාතනය කර තිබෙනවා. 

 පීටර් හපුආරච්චි නමැති හිටපු උප සභාපතිවරයාව වනාතවිල්ලුව ප්‍රදේශයේ ඔහුට අයත් වතු යායක මුරකුටියක් තුළ අභිරහස් ලෙස ඝාතනය කර සිටියදී වනාතවිල්ලුව පොලීසිය විසින් සොයා ගෙන තිබෙනවා.

තිදරු පියෙකු වන පීටර් හපුආරච්චි මහතා මියයන විට 76 හැවිරිදි වියේ පසුවූ අතර ඔහු හිටපු විදුහල්පතිවරයෙකුද වනවා. සිද්ධිය සම්බන්ධයෙන් වනාතවිල්ලුව පොලීසිය වැඩිදුර විමර්ශන සිදු කළා.