හෙදියගේ තේ එක පානය කළ වෙදැදුරා රෝහලේ

Sri Lanka
By Sithumi Apr 08, 2023 12:29 PM GMT
Report

හෙද නිලධාරිණියක ලබා දුන් කිරි තේ එක පානය කිරිමෙන් පසු සිහි නැතිව ගිය බව පවසයා වෛද්‍යවරයකු තංගල්ල රෝහලට ඇතුළත් වී ඇතැයි දකුණු පළාත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ කාරයාලය පවසනවා.

මෙසේ රෝහලට ඇතුලත්ව තිබෙන්නේ මෙම වෛද්‍යවරයා  රාත්‍රි රාජකාරියේ යෙදි සිටියදි රාත්‍රි 10ට පමණ රෝහලේ හෙද නිලධාරිණියක  තමාට කිරි තේ එකක් දුන් බවත් එය පානය කිරිමෙන් පසුව නිල නිවාසයට ගිය බවත් නිල නිවසේදි තමාට සිහි මූර්ජා වු බවත් ඒ සඳහා ප්‍රතිකාර ගැනිම අවශ්‍ය බවත් පවසායි.

මෙම වෛද්‍යවරයා කොළඹ ප්‍ර‍දේශයේ පදිංචිකරුවකු වන අතර ඔහු තනිවම නිල නිවසේ සිටින බවත් දකුණු පළාත් සේඛ්‍ය සේවා අධ්‍යක්ෂ කාරයාලය පැවසු අතර සිද්ධිය සම්බන්ධයෙන් පොලිස් විමරශණයක්ද ආරම්භ කර තිබෙනවා.