ජීවිතයක් බේරාගැනීමට ගොස් තවත් ජීවිතයක් අහිමි වෙයි..

By Sithumi Mar 27, 2023 02:24 PM GMT
Report

ගලි වලකට ඇදවැටීමෙන් දෙදෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බව පොලීසිය පවසනවා.

  මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ කොළඹ මහ නගර සභාවේ අනියම් කම්කරු සේවයේ නිරතව සිටි දෙදෙනෙක් වන අතර අද (27) දහවල් කොළඹ කොටහේන ප්‍රදේශයේ ගලි වලක නල පද්ධතියක් අලුත්වැඩියා කටයුතු සිදුකරමින් සිටියදී එක් අයෙකු එම වලට වැටී තිබෙනවා.  

පසුව ඔහුව බේරාගැනීම සඳහා අනෙක් පුද්ගලයා ද එම වල තුළට බැස ඇති අතර ඔහුද එම වලට තුළට වැටී ඇති බව පොලීසිය පවසනවා.  

බරපතළ තත්ත්වයේ පසුවූ ඔවුන් දෙදෙනා කොළඹ ජාතික රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව මෙලෙස අවාසනාවන්ත ලෙස මියගොස් තිබෙනවා.


සිව්දෙසින් ගලා එන සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න...  
Join Now