ගජමුතු සමග අධිකරණ සේවකයින් දෙදෙනෙක් හසු කරගත් මෙහෙයුම

Sri Lanka
By Sithumi Mar 25, 2023 11:24 AM GMT
Report

රුපියල් මිලියන 12කට ගජමුතු 05ක් චීන ජාතිකයෙකුට අලෙවිකිරීමට තැත්කළ පුද්ගයින් පස්දෙනකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. 

 මාතලේ ප්‍රදේශයේ පිහිටි සුපිරි හෝටලයකදීයි ඔවුන් අද (25) අත්අඩංගුවට ගෙන ඇත්තේ. මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ මාතලේ මහෙස්ත්‍රාත් අධිකරණයේ ලේඛනාගාරයේ සේවකයෙක්, නඩු භාණ්ඩ කාමරයේ සේවකයෙක් සහ රත්තොට ප්‍රදේශයේ පදිංචි පුද්ගලයන් තිදෙනෙකු බව පොලීසිය පවසනවා. 

 එම ගජමුතු මාතලේ මහෙස්ත්‍රාත් අධිකරණයේ නඩු භාණ්ඩ කාමරයේ තිබූ බවට සැක කළා. ගජමුතු පහක්, සැකකරුවන් පැමිණි ත්‍රිරෝද රථයක් සහ යතුරුපැදියක් ද පොලිස් භාරයට ගෙන තිබෙනවා.